අදට (15) යෙදෙන තෛපොංගල් දිනය, හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලැබේ.
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, මෙම උත්සවයේ අරමුණයි.
හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යි යනුවෙන් හැඳින්වෙන අතර, පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න ය.
ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.

