සෙනගාලයේ සිදුවූ රිය අනතුරකින් 38දෙනෙකු මියගොස් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (08) එම අනතුර සිදුව ඇත.
එක් මගී බස් රථයක ටයරයක් පිපිරී යාමෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීයෙකු සඳහන් කළේය.
එම අනතුර සිදුව තිබුණේ සෙනගාලයේ ඩකාර් අගනුවරට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 220ක් පමණ දුරින් පිහිටි කෆ්‍රීන් නගරය අසලදීය.
බටහිර අප්‍රිකානු රටක මෑතකාලයේදී සිදුවූ බිහිසුණුම රිය අනතුර මෙය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
මෙම අනතුර හේතුවෙන් සඳුදා සිට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කළ බව එරට ජනාධිපති මැකී සෝල් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

