බංග්ලාදේශය සිය පළමු මෙට්‍රෝ දුම්රිය විවෘත කරයි

බංග්ලාදේශය සිය ප්‍රථම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය එරට අගමැතිනී ෂීක් හසීනා විසින් ඊයේ (28) ඩකා නුවරදී විවෘත කර තිබෙනවා.
ඩකා අගනුවර උත්තරා අගනුවර සිට අගර්ගෝන් ප්‍රදේශය දක්වා මෙම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය ඉදි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහි සම්පූර්ණ ඉදිකිරීම් 2030 වන විට නිම කිරීමට නියමිත අතර එහි පළමු කොටස වන කිලෝමීටර් 12 ක් දුරින් යුත්ත බවයි සඳහන් වන්නේ.
පැයට කිලෝමීටර් 110ක උපරිම වේගයක් සහිත පළමු අධිවේගී දුම්රිය සේවාව බංග්ලාදේශය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි අද ඩකා හි මෙට්‍රෝ මාර්ගය විවෘත කරමින් එරට අගමැති ෂෙයික් හසීනා සඳහන් කළේ.