කාම්බෝජ – තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි හෝටලයක පවත්වා ගෙන ගිය කැසීනෝ ශාලාවක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඊයේ (28) රාත්‍රී 10ට පමණ ඇතිවූ එම ගින්නෙන් කැසීනෝ ශාලාවට දැඩි ලෙස හානි වී තිබුණි.
ගින්න හටගන්නා විට එම ගොඩනැගිල්ලේ 40 දෙනෙක් පමණ සිටි බව වාර්තා විය.
ගින්න හටගැනීමෙන් පසු එහි සිටි සමහරු එම ගොඩනැගිල්ලෙන් පනින අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

