ඉන්දීය රංගන ශිල්පිණියක මෙන්ම නර්තන ශිල්පිණියක වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙිව අපහාස නඩුවක් ගොනු කර තිබේ.
නෝරා මෙම නඩුව ගොනු කර ඇත්තේ, සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවේදී තමාද ඈදා ගනිමින් ජැකලින් අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බව පවසමිනි.
නෝරා පවසා ඇත්තේ, තමාට සුකේෂ්ගෙන් චන්ද්‍රසේකර් කිසිදු තෑග්ගක් නොලැබුණු බවත් ජැකලින් සිදු කරන සියලුම චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය බවත් ය.
අදාල චෝදනා හේතුවෙන් ඇයට හිමිවීමට තිබූ ප්‍රසංග හා අවස්ථා අහිමි වූ බවත් අපකීර්තියට පත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි

