මිනිස් ජාවාරම් සිදුවීම් ගැන විමර්ශනයට නිලධාරීන් කණ්ඩායමක් ඕමානයට පිටත්ව යයි

මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානයට ගොස් ඇති බව‍ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරම හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ උපදෙස් පරිදි එම පිරිස පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එම පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු, විමර්ශන නිලධාරීන් තිදෙනෙකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් ද ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.