ගුරුවරුන්ට පහසු ඇඳුමකින් පාසල් පැමිණීම අනුමත නොකරේ

පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් ඊයේ (21) දිනයේ දී ගුරුවරියන් පිරිසක් පහසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප නිකුත් කර තිබුණි.