ගංජා ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

කේරල ගංජා කිලෝග්‍රෑම් 8කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මාන්කුලම්, කනගරායන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 645ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා කනගරායන්කුලම් පොලිසිය වෙත භාරදුන් බවයි පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අද දෙරණ