කොල්ලොන්ව පිස්සු වට්ටපු ශලනිගෙ ෆොටෝෂූට් එක

ඇය ක්ෂේත්‍රයට ආ පලමු දිනයේ පටන් රසික සිත් ක්‍රමක්‍රමයෙන් ඇද බැඳ ගැනීමට තරම් දක්ෂ වුනා. ටික කලක් යනවිට ඇයගේ හොදම සාර්ථකත්වයේ මුදුන් පෙත්තට පැමිණීමට පෙර සමාජයේන් විවිධ අපහාස ගැරහුම් චෝදනා ලැබෙන්නට පටන් ගන්නවා. නමුත් ඒ සියල්ලක්ම තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඉතාමත් හොඳ අභිප්‍රේරණයක් බවට පත් කරගත් එයට හැකි වෙනවා සාර්ථකත්වයේ මුදුන් පෙත්ත කරා ගමන් කිරීමට.ශ්‍රී ලංකාවට පහල වෙලා ඉන්න ඉන්න ලේඩි superstar තමයි ඇය, ඇය ශලනි තාරකා.

එක්තරා අවස්ථාවක දී ඇයට සමාජයෙන් එල්ල වන්නේ ගැහැණු ළමයෙක් වශයෙන් දරාගන්න තරමක් අමාරු මට්ටමේ අපහාස සහ ගැරහුම්. එයින් තම ජීවිතයට ඉහළ අභිප්‍රේරණයක් ලබාගත් ඇය ඉන්පසුව වාර්තාගත අන්දමින් එක් වරකදී හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත වෙනවා.

ඒ වගේම ඇය රංගනයෙන් දායකත්වය ලබාදෙන බොහොමයක් චිත්‍රපටි වගේම ටෙලි නාට්‍යයන් මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳගෙන තියෙනවා.ඒ වගේම ඇය මේ දිනවල දී වඩාත් ජනප්‍රිය චරිතයක් නිරූපණය කරන අතර ඒ තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයෙ ස්නේහාගෙ චරිතය.

ඊයේ දිනයේදී ඇය තමන්ගේ ෆේස්බුක් ඔස්සෙ ඉතාමත් අපූරු ඡායාරූප පෙළක් එකතු කර තිබුණු අතර.එම ඡායාරූප පෙළට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝ සෙයින් ලැබී තිබුනා.ඒ වගේම ඊයෙ දිනයෙ ඇගෙ උපන්දිනයද යෙදී තිබුනා. අපි ඇයට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා

May be an image of 1 person, standing and outdoors