මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට මරණ තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ බිරිඳ ඔහු සමග ඇතිවූ අමනාපයක් හේතුවෙන් දිවයිනෙන් පළායෑමට උත්සාහ කරන බවට ආරංචිවීමත් සමග පොඩි ලැසී ඔහුගේ සමීපතමයෙකු වන ගනේමුල්ලේ සංජීව හා ඔහුගේ ප්‍රධානතම ගෝලයෙකු වන ඩුබායිහි සැඟව සිටින කලන නමැත්තා හරහා ඇයට මරණ තර්ජන සිදුකර තිබේ.
ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ, තම දරුවා සමගින් දිවයිනෙන් පළාගියහොත් බිරිඳගේ පවුලේ ඥාතීන් හතර පස්දෙදෙනකු ඝාතනය කරන බවය.

