අධික උණුසුම 15,000කට දිවි අහිමිකරයි

උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා යුරෝපයේ පුද්ගලයින් 15,000ක පමණ පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කළේ, ස්පාඤ්ඤයේ මරණ 4,000ක්, පෘතුගාලයේ මරණ 1,000ක්, එක්සත් රාජධානියේ මරණ 3,200ක්, ජර්මනියේ මරණ 4,500ක් පමණ වාර්තා වී ඇති බවය.