ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේය.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින් සහ කිලෝග්‍රෑම් 2.3ක තුනක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.

මිල සංශෝධනයත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,360ක් වන අතර කිලෝග්‍රෑම් 5, රුපියල් 1,750ක් දක්වාත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රුපියල් 815ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේය.