අලුත්ම වාහන මිලගණන් මෙන්න

වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසනවා.

වාහන ආනයනය කිරීම නවතා දැමීමත් සමග අධික මිල ගණන් වලට භාවිතා කරන ලද  වාහන අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීමත් ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමත් ඊට ප්‍රධාන හේතුව බවයි ඔවුන් පවසන්නේ.

ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වාහනවල මිල ගණන් පහතින්

මයික්‍රෝ  පැන්ඩා  2015  ලක්ෂ 25ක් වන අතර නව මිල වන්නේ ලක්ෂ 21යි

සුසුකි  ඇල්ටෝ  2015  ලක්ෂ 34 ඉක්මවයි නව මිල ලක්ෂ 27යි

පෙර මිල සුසුකි  වැගන් ආර්  2014 ලක්ෂ 45 ඉක්මවයි නව මිල  ලක්ෂ 39යි

සුසුකි  ජපන් ඇල්ටෝ  2017 පෙර මිල  ලක්ෂ 45ක්  ඉක්මවන අතර නව මිල ලක්ෂ 39ක් වෙනවා.

හොන්ඩා  ෆිට්  2012  ලක්ෂ 60 ඉක්මවයි නව මිල  ලක්ෂ 50 යි

ටොයෝටා  ඇක්වා ජී  2012  පෙර මිල ලක්ෂ 60ක්. නව මිල  ටොයෝටා  ඇක්වා ජී  2012 ලක්ෂ 50යි

ටොයෝටා  විට්ස්  2018  පෙර මිල ලක්ෂ 80ක් වන අතර  නව මිල  ටොයෝටා විට්ස්  2018 ලක්ෂ 60යි

හොන්ඩා  වෙසල්  2014 ලක්ෂ 80යි. නව මිල ලක්ෂ 63යි.

හොන්ඩා  ග්‍රේස්  2014  ලක්ෂ 85 ඉක්මවයි නව මිල ලක්ෂ 70යි

නිශාන්  එක්ස් ට්‍රේල් 2014   කෝටිය ඉක්මවයි නව මිල ලක්ෂ 85යි

ටොයෝටා  ප්‍රිමියර්  2017  පෙර මිල  කෝටි එකහමාර ඉක්මවන අතර නව මිල  ටොයෝටා  ප්‍රිමියර්  2017  එක්කෝටි තිස්හත් ලක්ෂයයි