කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු අඟවීම් නිකුත් කර තිබේ.

ඒ, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධාන විසිනි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක මෙසේය.

කොළඹ, ගාල්ල, කළුතර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල