රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා ඉන්දියාවේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබෙනවා.
මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්යේ වඩ්ගෝන් නම් ගම්මානයේ මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව සෑම දිනකම සවස 7.00 ට සයිරන් නාදය නාද වන අතර එය සියළුම නිවැසියන්ට ඔවුන්ගේ රූපවාහිනී යන්ත්‍ර සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන ලෙස ඇඟවීමක් වනවා.
පසුව යළිත් රාත්‍රී 8.30 ට සයිරන් නාද කරන විට රූපවාහිනී යන්ත්‍ර සහ ජංගම දුරකථන ක්‍රියාත්මක කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

