ඉන්දීයාවේදී කොරෝනා රෝගික් හමුවෙයි

ඉන්දියාවෙන් වාර්තා වන පළමු කොරෝනා ආසාදිතයා කේරල ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

ඉන්දීය මධ්‍යම රජය සදහන් කළේ එම රෝගියා චීනයේ වුහාන් විශ්ව විද්‍යාලයේ සිට පැමිණි අයෙක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එම අසාදිතයා මේ වන විට හුදකලා ස්ථානයක වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට යටත්ව ප්‍රතිකාර ලබන බවත් සදහන් කෙරෙනවා. කොරෝනා වයිරසය වැළදිය හැකි බවට සැක සහිත පුද්ගලයින් 400 දෙනෙකු මේ වන විට කේරල ප්‍රාන්තයෙන් පමණක් හදුනා ගෙන ඇති බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්. ඔවුන් සියලු දෙනා මේ වනවිට පසුවන්නේ බලධාරීන්ගේ සමීප නිරීක්ෂණයට යටත්වයි.