හෙරොයින් කිලෝ 192ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට

හෙරොයින් සහ ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන්  දින 07ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිීසිය පවසයි.

හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සහ නවීන පීස්තෝල 10ක් සමඟ සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකරුවෙකු ඊයේ බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාශය විසින් ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය පැවසුවේය.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට අධික බවට ගණන් බලා තිබේ.

එක් සැකකාරියක් මාතර මල්ලී නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ බිරිඳක් වන බව වාර්තා වෙයි.