“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය (SYU) අද (24) කොළඹ දී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්රහාරයන් එල්ල කර තිබෙනවා.
ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය විසින් මෙම ප්රහාරය දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී විරෝධතාකරුවන් 84 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

