රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
ඒ අනුව මෙම ආධාර තොගය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී ඇති බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව මුහුණදෙමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

