මහරගම පිළිකා රෝහල ට පරිත්‍යාග ඉල්ලයි

ඖෂධ මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම හමුවේ මේ වනවිට පිළිකා රෝගීන් ද දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

එවන් පසුබිම පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අයට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇතැයි මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.