කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් ප්‍රදේශයේදී 2021 නොවැම්බර් 16 වනදා පුද්ගලයෙකු කැත්තකින් කපා ඝාතනය කළ සැකකරුවෙකු මාස 11කට පසුව ඊයේ (18) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පොලීසිය පැවසූවේ පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා රාත්‍රියේ පරන්තන්, ශිවපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මුත්තයියා කේදීශ්වරන් නමැති පුද්ගලයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදි සැකකරු අත්අඩංගුවට ගත් බවය.

