බූස්ටර් එන්නත නොගත්ත අයට එන්නත ගන්න දින වෙන් කරයි

කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ් අනුව සැප්තැම්බර් 17 සහ 24 සහ ඔක්තෝබර් 1 සහ 8 යන සති අන්ත 04 තුළ මෙම වැඩපිළිවෙළ දිවයින පුරා සැම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හි පැවැත්වීමට නියමිතයි.