රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාරයේදී වද හිංසාවලට මුහුණදී ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
දමිතා අබේරත්න ගේ සුවදුක් විමසීමට ඊයේ (10) බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත ගිය අවස්ථාවේදී ඇය ඒ බව තමාට පැවසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

