ඉන්ධන මිල අඩු නොවන බව කංචන කියයි

ඉන්ධන මිල සංශෝධනය ඊයේ දිනයේ සිදුවීමට නියමිතව තිබුණද ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදු නොවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඊයේ පවතින ඉන්ධන ආනයනික මිල සමඟ සැසදීමේදී එලෙස ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි බවයි.