ඉරාක අරගලකරුවනුත් ලංකාව අනුගමණය කරයි

පාලනයට එරෙහි අරගලක නිරත ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයේ නාන තටාකය භුක්ති විඳින අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි ගණනාවක බලය අල්ලාගෙන ඇති බවයි.

ඉරාක රජය ප්‍රතිචාර දැක්වූවේ ඊයේ රාත්‍රී සිට ඇඳිරි නීතිය පනවමිනි.