ජනපති මැදුරේදී සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝගයක්


පසුගිය 09 වනදා අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාවේ දී ඒ තුළ තිබී සොයාගෙන අරගලකරුවන් විසින් පොලිසියට භාරදුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත්  කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.

ඉකුත් 09 වනදා ජනාධිපති මන්දිරයේ සිටි අරගලකරුවන් විසින් රුපියල් එක්කෝටි හැත්ත අට   ලක්ෂ පනස් දහසක මුදලක් කොටුව පොලිසිය වෙත භාර දී ඇති බවද කොටුව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

එසේ භාරදී සති තුනක් ගතවී තිබුණද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක්  අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළා