ඉන්ධන ලබා දී ඉක්මණින් පාසැල් නැවත පටන් ගන්න – සුසිල්

ඉන්ධන බෙදා හැරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අදාල බලධාරීන්ගෙන් දැඩි ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා ඉන්ධන බෙදා හරින ප්‍රධානීන් අමතා දෝෂාරෝපණය කර ඇත්තේ ඉන්ධන වැනි ගැටළු මත පදනම්ව ලොව කිසිදු රටක පාසැල් වසා නොතබන බවයි.

එබැවින් නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාසැල් යළි විවෘත කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට නිසි පරිදි ඉන්ධන නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට දැඩිව දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.