මන්ත්‍රීවරුන්ට මුහුණු පොතෙන් බලපෑම් කරොත් වැඩ වරදී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගම්වල සිට කල්වේලා ඇතිව කොළඹට ගෙන්වාගෙන ඔවුනට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට වැඩ බලන ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා 

ඒ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම සදහායි.

මේ අතර බත්තරමුල්ල පොල්දුව මංසන්දියේ හා පාර්ලිමේන්තුවට පිවිසෙන අනෙකුත් මාර්ගවල ගමන් කිරීමට අවසර හිමිවන්නේ පදිංචිකරුවන්ට පමනක්  බවද වාර්තා වෙනවා.

එමෙන්ම ජනාධිපති ඡන්දයට සමාජ මාධ්‍යයෙන් බලපෑම් කරන අය ගැනත් විමර්ශන කරන ලෙස වැඩ බලන ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.