කොවිඩ් මර්දන සිව්වන එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ජනතාවගේ උනන්දුව තවදුරටත් අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදෙන්නේ, මේ වන විට සිව්වන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 14,000ටත් අඩු බවය. වයස අවුරුදු 20ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට සිව්වන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතින බව වෛද්‍යය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
දැඩි අවධානම් කණ්ඩායමක් වන අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට 4 වන මාත්‍රාව ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා නිර්දේශ කරලා තියෙනවා.

