අරලියගහ මන්දිරයට සිදු වූ හානිය ගැන විමර්ශනයක්

පසුගිය දිනවල ඇති වූ සිද්ධීන්වල දී අරලියගහ මන්දිරයට සිදු වූ විනාශයන් පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශය අද (16) කටයුතු කළා. මේ අතර, ගාලුමුවදොර සහ ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවයේ නිරත අරගලකරුවන් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන් ජනාධිපති මන්දිර පරිශ්‍රයෙන් ඉවත් වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එහි ඇඟිලි සලකුණු සටහන් ලබා ගෙන තිබුණා.

අරලියගහ මන්දිරයෙන් අරගලකරුවන් ඉවත් වුවත් ඒ ඉදිරිපිට ඉදිකළ කූඩාරම්වල තවදුරටත් ඔවුන් රැඳී සිටිනවා. ඒ අතරින් අරගලකරුවන් පිරිසක් ඊයේ (15) පෙරවරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසයද අද දෙවනි දිනටත් ක්‍රියාත්මකයි.