මම අද අස් වෙනවා – ජනාධිපති

පෙර දැනුම් දුන් පරිදි තමා අද (13) දිනය ඇතුළත සිය ධුරයෙන් ඉවත් වන ජනාධිපතිවරයා තමාට පැවසූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර අවධාරණය කළා. ජනාධිපතිවරයා දුරකතනය මඟින් තමා ව අමතමින් මේ බව දැනුම් දුන් බව ඔහු පැවසුවා.

මීට පෙර ජූලි 9 වැනි දා ඇති වූ අරගලකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා අද (13) දින සිය ධුරයෙන් ඉවත් වන බව කතානායකවරයා වෙත දැනුම් දී තිබූ බවට තොරතුරු පළ වුණා.