විදෙස් ගමන් බලපත්රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්රසූතිය ලකුණු පහළවී තිබෙනවා.
ඒ ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටියදී. මෙහි දී ඇය සිදු කළ දැනුම් දීමත් සමඟ වහාම ක්රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් විසින් ඇයව වහාම බොරැල්ල කාසල් කාන්තා රෝහල ට රැගෙන ගොස් තිබෙනවා.

