මුදල් අමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ අස්විය යුතුයි

රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.
අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දේශපාලන ගේම් එක මෙතැනින් නතර කළ යුතුව ඇති බවයි.

අමාත්‍යවරයා පවසන්නේ, ජනතාවගේ කුසගිනි නිවන ආකරය හෝ රටට අවශ්‍යව ඇති ඩොලර් ගෙනෙන ආකාරය සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් ඔහුට නොමැති බවයි.