අද අපි කතා කරන්න හිතුවේ නවක ගායිකාවක් එක්ක. නවක කිව්වට වැඩ ගොඩක් කරපු කෙනෙක් කියල කතා කරාම තමයි තේරුනේ. එහෙනම් අපි කතා කරලම බලමු
ඉතිං සමෝද්‍යා කොහොමද ?
මම හොදින් ඉන්නවා , ඒත් මේ පවතින කාල සීමාවත් එක්ක ලොකු හොදකුත් නැහැ
ඔයාගේ විස්තර ටිකක් කිව්වොත් ?
මම සමෝද්‍යා තත්සරණී. මට දැන් අවුරුදු 22 යි. දැනට මම music පිළිබදව ඉගෙන ගන්නවා , මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි , මම තමයි පවුලේ එකම ළමයා. මම ගොඩක් ආසයි සිංදු කියන්න , ඉතිං මම හැම වෙලාවේම සිංදු කියන එක තමයි කරන්නේ , මොන වැඩේ තිබුණත් සිංදු කියන එක නතර කරන්නේ නැහැ.
පවුලේ එකම ළමයා වෙද්දී පොඩ්ඩක් නිදහස අඩුයි වගේ දැනුනා ද ?
ඔව්…. නිදහස ගොඩක් අඩුයි. මට ඕනි ඕනි දේවල් කරන්න බැහැ. මම පවුලේ එකම ළමයා නිසා මට ගොඩක් රූල්ස් තියනවා
සිංදු කියන්න පටන් ගත්තේ කොයි කාලේදී වගේද ?
මං සිංදු කියන්න පටන් ගන්නේ පොඩි කාලේ ඉදන් , හරියටම කියනවා නම් ස්කෝලේ 1 වසරේ ඉදන් . මං මුලින්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ දහම් පාසල් පද්‍ය ගායනා තරග වලට , ඒ හැම තරගයකින්ම පළමු ස්ථානය එක දිගටම රැක ගත්තා. ස්කෝලේ ගායන තරග වලට ඉදිරිපත් වුණා ඒ කාලේ , පස්සේ ඔහොම ආපු ගමන තමයි සිරස The Voice තරගාවලියට අයදුම්පතක් දාන්නේ , මම ඒ තරගාවලියේ knockouts වෙනකන්ම එනවා එතනින් තමයි මගේ සංගීත ගමන ආරම්භ කරන්නේ.
ඔයා කරපු වැඩ ගැන කෙටියෙන් සදහන් කරොත් ?
TV program වල sing කරනවාට අමතරව මම ගොඩක් FM නාළිකා වල jingles එහෙමත් කරලා තියනවා. හිරු fm , සුර්යන් fm එකේ. cooper බුවා කියලා , mobile app released into video එකකටත් voice කරලා තියනවා. සිංහල සිංදු කියනවට අමතරව හින්දි , තුර්කි , තෙළිගු , ඉංග්‍රිසි භාෂා වලින් සිංදු කියන්නත් පුළුවන්.
දැනට cover songs කීයක් වගේ කරලා තියනවා ද ?
ගොඩක් කරලා තියනවා , හැබැයි officially තුනක් වගේ එළියට දාල තියනවා.
ඉස්සරහට තමන්ගෙම නිර්මාණයක් කරන්න අදහසක් එහෙම තියනවා ද ?
ඔව් අනිවාරෙන්ම. මගේ නිරමාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා හැබැයි මේ රටේ තත්ත්වයත් එක්ක හිත දෙන්නේ නැහැ හරියට වැඩක්වත් කරන්න. රට පොඩ්ඩක් calm down වුණාට පස්සේ කරනවා.
සිංදු කියනවට තාත්තා විරුද්ධ වුණා කියල ආරංචියක් ආවා , ඒ ගැන පොඩ්ඩක් කියමු ද ?
ඔව්.. ඒ මුල් කාලයේ වගේ , ඉගෙන ගන්න කාලයේ. මම 8-9 ශ්‍රේණියේ දී වගේ එයා ගොඩක් විරුද්ධ වුණා . මං හොරෙන් ගිහිනුත් තියනවා competition වලට program වලට එහෙම. හැබැයි දැන් නම් එහෙම නැහැ දැන් ගොඩක් ආසයි මං sing කරනවාට. දැන් මේ කාලේ ගත්තොත් එයා ආසයි මං program වල ඉන්නවා දකින්න , ඒවා බලන්න. ඒ කාලේ විරුද්ධ වුණාට මේ වෙද්දී එයාටම හිතිලා , එයාට ආස හිතිලා impress වෙලා දැන් මම sing කරනවාට එයාගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.
ඒ කියන්නේ අනාගතයේ ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න තමයි අදහස ?
අනිවාරෙන්ම ඔව්.. ජනප්‍රිය , දක්ෂ ගායිකාවක් වෙන්න තමයි මම මහන්සිවෙලා වැඩ කරන්නේ. ඉස්සරහට ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා ඒ වෙනුවෙන්. අනිවාරෙන්ම දවසක එහෙම දෙයක් වෙයි
මං හිතනවා මේ ආපු දුරත් එක්ක ස්තුතියි කරන්න අය ඇති කියල ?
මුලිම ස්තූතියි කරන්නේ මගේ අම්මට , මොකද එයා තමයි මගේ හැම program එකක් පිටිපස්සෙම ඉන්නේ. එයා මාව කවදාවත් තනි කරන්නේ නැහැ. ඊට පස්සේ මගේ තාත්තට. ඒ දෙන්නට ගොඩාක් ස්තූතියි කරනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට support කරනවා මගේ පුංචි.
එයාටත් මං ස්තුතියි වන්ත වෙනවා. අපේ ගෙදර ඉදන් දුර නිසා ගොඩක් වෙලාවට මගේ වැඩ ගොඩක් කොළබ තියන නිසා මං පුංචිලගේ ගෙදර තමයි නතර වෙන්නේ. තව කියනවා නම් , නම් වශයෙන් කියන්න බැහැ ගොඩක් අය ඉන්නවා ස්තුතියි කරන්න. මං හැමෝටම ස්තුතියි වන්ත වෙනවා.
අපිත් එක්ක සම්බන්ද වුණාට ස්තුතියි වන්ත වෙනවා , ඒ වගේම අපි සුභ පතවා දවසක ලංකාවේ දක්ෂ වගේම ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න ලැබෙන්න කියල
බොහොම ස්තුතියි මාව සම්බන්ද කර ගත්තට අයියේ ඔයාටත්
සටහන : ධනුජය රත්නායක



