වන අලියෙකුගේ ප්‍රහාරයෙන් ජැක්සන් ඇන්තනී සමග දෙදෙනෙකු රෝහල් ගත කරයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු  ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වන අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර  තිබෙන බව වාර්තා වෙනවා.

තලාව පොලිසිය පවසන්නේ අනතුරත් සමග කැබ් රථය උඩට වන අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බවයි 

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අය වන බවයි වාර්තා වෙන්නේ.

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.