පළමුවනදා සිට බස් ගාස්තුත් ඉහලට – අවම බස් ගාස්තුව 40/- වෙයි


ජූලි මස 01 වනදා සිට සියයට 30කින් බස් ගාස්තු ඉහල නැංවීමට අවසර හිමි වූ බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහල යන බවයි.