හෙට දිනයේ මෙරට පැවැත්වීමට නියමිත බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විරෝධතාවයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන් වෙත පූර්ව දැනුම්දීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ හෙට දිනයේ සමාජ මාධ්‍යය ඔස්සේ සංවිධානය කර ඇති රථවාහන විරෝධතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවය. මේ හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතාවයන් වළක්වාගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසට එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

