මුලතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්රදේශයේ ඉඩමක වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක ප්රමාණයක් ගොඩගෙන අද (21දා) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. ප්ලාස්ටික් බැරල් 7 ක අඩංගුව තිබූ අදාල ඉන්ධන තොගය මෑත කාලයේදී වලදැමූ ඉන්ධන නොවන බවටත් යුද සමයේදී කොටි ත්රස්ව සංවිධානය විසින් මතු ප්රයෝජනය සඳහා වලදමා තිබූ ඒවා බවට සැකපලකරන බවටද පොලීසිය පැවසීය.

