බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම පිස්සුවක්

යුක්‍රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල් සිය රටට සම්බාධක පැනවීම පිස්සුවක් මෙන්ම තමන් කිසිසේත් සැලකිල්ලට නොගන්නා කරුණක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අවධාරණය කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෙන් පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ආර්ථික සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කර ඇති බවයි.