ලංකාවට රුසියාවෙන් තෙල් – රනිල්

ශ්‍රී ලංකාව ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර පුවත් සේවයක් වන AP පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අන්තර්ජාතිකව පියවර ගනිමින් සිටින බවයි.

අඩු මිලට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් පාර්ශ්ව කිහිපයක් අදහස් දක්වා තිබුණා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, රුසියානු රජය විසින් මෙරටට තිරිඟු ද පිරිනැමූ බවයි.