කවුද මේ “මේනා” ?

අද කතා කරන්න තෝර ගත්තේ කවුරුත් දැකලා නැති වුණාට හැමෝම ආදරේ කරන චරිතයක් ගැන. ඒ තමයි ” මේනා ” .පොස්ට් වලින් වලින් කොල්ලෝ කෙල්ලොන්ව වශී කරන් ඉන්න කවුද මේ මේනා කියල බලමු

මේනා කොහොමද ඉතින් ?

මේ දවස් වල නම් ගෙදරට වෙලා වැඩ ටික කරගෙන ඉන්නවා

ඇත්ත නම මොකක් ද කිව්වොත් ?

මේනුෂ මිහිරාන් පෙරේරා

මෙනුෂ කියන නම මේනා වුණේ කොහොමද ?

ස්කොලේ කාලේ යාළුවෝ මට කතා කරේ මේනා කියල. ඉතිං එහෙම තමයි මේනා වුණේ දිගටම

මේනාගේ පෝස්ට් හරි ප්‍රසිද්ධයි නේද ?

ප්‍රසිද්දයි කියන්නේ ඉතිං මෙහෙමයි , මිනිස්සුන්ට එව්වා දැනෙනවා ඇති මිනිස්සු ඒ වෙලාවේ ඉන්න තත්ත්වයත් එක්ක ඒ පොස්ට් දැනෙනවා ඇති.
ඉතිං එයාල පොස්ට් share කරනවා

කොහොමද මේ වගේ ලස්සන හිතට වදින්න පෝස්ට් නිරමාණය කරන්නේ ?
අත්දැකීම් ද ?


ඔව්.. ඇත්තටම අත්දැකීම් තියනවා තව යාළුවන්ට වෙච්ච සිදුවීම් , අපි පාර තොටේ යද්දී සමාජයේ වෙන දේවල් වගේ දේවල් වලින් තමයි ගොඩක් පොස්ට් නිර්මාණය වෙන්නේ

ඔයාගේ පෝස්ට් ගොඩක් කෙල්ලෝ කොල්ලෝ share කරලා තියනවා දැක්කම දැනෙන සතුට ගැන විස්තර කරොත් ?

ඇත්තටම මට ඉස්සර ඉදන් තිබ්බ ලොකු ආසාවක් තමයි මගේ නම ගහල , මං දාපු පොස්ට් එක වෙන කවුරු හරි share කරලා තිබ්බම මාරම සතුටක් දැනුනේ ,
කළින් මට තිබුණා සූස්තී කියල පේජ් එකක්, එකත් මං හිතන්නේ කට්ටිය අතරට ගොඩක් ගියා , දැන් නම් මන් ඒ පේජ් එක විකුණලා තියෙන්නේ, විකුණුවාට පස්සේ තමයි
මං මගේ නමින් ” මේනා ” කියල පේජ් එකක් පටන් ගත්තේ. ඉතිං දැන් මගේ නමින් තියන පොස්ට් එකක් කවුරු හරි share කරලා තියනවා දැක්කම මාරම
සතුටක් තියන්නේ.. ලොකු සතුටක් !

කතාවක් තියනවා පේජ් කරණ කොල්ලන්ට , කෙල්ලෝ වහ වැටෙනවා කියල
ඒ කතාව ඇත්ත ද ?


පේජ් කරණ කොල්ලොන්ට වහ වැටෙනවා ? හ්ම්.. ඇත්තම මට ඒ ගැන කියන්න තේරෙන්නේ නැහැ
අදහසක් නැහැ ඇත්තම එහෙම විශේෂයක්, ආස කෙල්ලෝත් ඇති..

පොස්ට් වලට අදහස් දෙන්න කවුරු හරි ඉන්නවද ?

නෑ කිසිම කෙනෙක් අදහසක් දෙන්නේ නැහැ , ඉස්සල්ලා කිව්වා වගේ අත්දැකීම් , සමාජේ වෙන දේවල් එක්ක තමයි පොස්ට් නිර්මාණය වෙන්නේ

දැනට කොච්චර විතර ඔයාගේ page audience එකක් තියනවා ද ?

දැනට ලක්ෂ 4 පැනලා ඉන්නවා , කොල්ලෝ කෙල්ලෝ වැඩිහිටි අය වගේම හැමෝම..

පේජ් එකෙන් හම්බුණ ආදර කතාවක් එහෙම නැද්ද ?

පේජ් එක නිසා හම්බුණ ආදර කතා නම් නැහැ ඇත්තටම හැබැයි පේජ් එක නිසා මිනිස්සු නම් ගොඩක් අදුර ගත්තා යාළුවෝ හම්බුණා..

බොහොම පරිස්සමෙන් පොස්ට් දානවා කියල මට ආරංචි වුණා
රිපෝට් වදින ප්‍රශ්ණ නිසා ? ඇත්ත ද ?


හී.. හී.. ඔව් පරිස්සම් වෙන්න ඕනි නේ..අපේ ජිවිතේ දී සැහෙන්න පරිස්සම් වෙන්න ඕනි.. හිතන්න ඕනි ජීවත් වෙද්දී ? නේද ?,
එතකොට තමයි ජිවිතේ සතුටු දායක වෙන්නේ. ඉතින් පොස්ට් දානවා වගේම අනිත් හැමදේකින්ම පරිස්සම් වෙනවා

මොනාද ඔයාගේ රසිකයන්ට කියන්න තියෙන්නේ ?

ඔයාගේ හිතට දැනෙන මොනා හරි පේජ් එකේ වැටෙනවා නම් , දකිනවා නම් share කරන්න අනිත් අයටත් දකින්න
මොකද මන් ගොඩක් කතා කරන්නේ ප්‍රශ්ණ , මානසික ප්‍රශ්ණ වගේ දේවල් . ගොඩක් අය
” මං ඉන්න තත්ත්වයත් එක්ක ඔයාගේ පොස්ට් ගොඩක් හිතට දැනෙනවා , හිත හැදෙන්න ගොඩක් උදව් කරනවා “ වගේ ගොඩක් දේවල් කියල – ගොඩක් අය thanks කරලා කතා කරනවා.

ඔයාලත් ඔයාගේ යාළුවන් මොනා හරි ප්‍රශ්නෙක ඉන්නව හෝ මානසික පීඩනයකින් ඉන්නවා නම් එයාලට දැනෙන්න ඒක share කරන්න ඒක එයාලට ලොකු උදව්වක් – සැනසීමක් වෙයි

ස්තුතියි අපිත් එක්ක සම්බන්ද වුණාට !

ඔයාලටත් ස්තුතියි මං වගේ කෙනෙක්ව සම්බන්ද කර ගත්තට
එහෙනම් ඔයාලටත් ජය වේවා..

සටහන – ධනුජය රත්නායක