ගම්පොල නගරයේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබෙලෙකුට ඉන්ධන ලබාගැනීමට පැමිණි ටිපර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි. ටිපර් රථයට ඉන්ධන ලබාගැනීමෙන් පසුව ඔහු වෙනත් ස්ථානයක ටිපර් රථය නවතා යළිත් බූලි දෙකක් රැගෙන ඉන්ධන ලබාගැනීමට පැමිණ ඇත.
එහිදී යුද හමුදා සෙබලා පවසා ඇත්තේ බූලිවලට ඉන්ධන ලබානොදෙන බවයි. ඉන් අනතුරුව ඇතිවූ බහින් බස් වීමකදී ටිපර් රථයේ රියදුරු විසින් යුද හමුදා සෙබලාට පහරදී තිබේ.

