රුපියල් ලක්ෂ 50කට ආසන්න මත්කුඩු තොගයක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු රත්මලාන මහින්දාරාම පාර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්රෑම් 300 හා සුඛෝපභෝගී මෝටර් රථය පොලිසිය භාරයට ගෙන ඇත.ගල්කිස්ස ධර්මාරාම පාර තාවකාලිකව පදිංචි සැකකරු තිස්සමහාරාම ස්ථිර පදිංචි පුද්ගලයෙකු බවත් පොලිසිය සඳහන් කරයි

