ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 536ක්

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ ගණන 536,597,444ක් බව ගෝලීය කොරෝනා තොරතුරු දත්ත අද (08දා) උදෑසන වාර්තා කර තිබුණි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 6,323,428ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

මේ අතර වසංගතයට එරෙහිව ලොව පුරා ආරම්භ වී ඇති එන්නත්කරණය යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 11,669,199,500ක් ලබාදී ඇති බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.