රංගන ශිල්පිනි සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනි සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (04) ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට ඇය 73වැනි වියෙහි පසුවාය.