ලුණු මිල අඩු කෙරේ

රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමග එක්ව ලුණු මිල ඊයේ (01 වැනිදා) සිට ඉදිරි වසරක කාලයක් සඳහා පහත හෙළන බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 43/-, ලුණු කුඩු ග්‍රෑම් හාරසියයක් 35/- මිලකටත් සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව ද ඇමැතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.