සයිනොෆාම් එන්නත් ලක්ෂ 5ක් මෙරටට ගෙනෙයි

චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව වාර්තාකරු සඳහන් කළේය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස මීට පෙර ද ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හිමිව තිබුණි