ඖෂධ යැයි කියා හෙරොයින් රැගෙන ගිය පුද්ගලයා මාට්ටු

රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු 34 හැවිරිදි හොරණ ප්ර දේශයේ පදිංචිකරුවෙකි.