මුහුණුපොතේ” ජීව දත්ත පිටුවක් යොදාගනිමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකු වන බවය.
සැකකරු 42 හැවිරිදි ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු විසින් භාවිත කළ මුහුණුපොතේ ජීව දත්ත පිටුව පරීක්ෂා කිරීමේ දී කැලෑ හෙළි කිරීම, වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් විවිධ ඡායාරූප එහි තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

