ඉන්දියාවේ පැය 24ට කොරෝනා මරණ 4500 පනී

ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ වාර්තාව යළි අලුත් කරමින් වසංගත ව්‍යාප්තිය තුළ ඕනෑම රටක එක් දිනකදී සිදුවූ ඉහළම මරණ සංඛ්‍යාව සනිටුහන් කර තිබේ.

ඒ මරණ 4,525 ක් ලෙසය.

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 3ට අඩු අගයක් ගන්නා නමුත් දෛනික මරණ සංඛ්‍යාව දිනෙන් දිනම වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී.

මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,495,144ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත කොවිඩ් මරණ ගණන 283,276ක් ලෙස දැක්වේ.

මේ අතර අද දිනය වන විට සමස්ත ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 164,886,821ක් වේ.

සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 3,418,430ක් වන අතර ආසාදිතව සිටි 143,811,583ක් සුවය ලබා තිබේ.